අද ඔක්තෝබර් මස 17, දිළිදුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

අද ඔක්තෝබර් මස 17, දිළිදුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

1992 දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඔක්තෝබර් 17 දිළිදුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

‍දරිද්‍රතාවය සහ ඒ හරහා පැනනගින අසරණභාවය තුරන් කිරීම සම්බන්ධයෙන් සිය ජාතික සන්දර්භයන්ට ගැලපෙන සේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ තම රටවල දරිද්‍රතාව පිළිබඳ සමාජ කතිකාව පුළුල් කිරීමට මෙම දිනය කැප කරන ලෙස යෝජනාව මගින් සියලුම සාමාජික රටවලට එක්සත් ජාතීන් ආරාධනා කරන ලදී.

ආරක්ෂිත නිවාස නොමැතිකම, පෝෂ්‍යදායී ආහාර නොමැතිකම, සෞඛ්‍ය සේවා සඳහා සීමිත ප්‍රවේශය, අනාරක්ෂිත සේවා තත්වයන්, යුක්තිය සඳහා අසමාන ප්‍රවේශය සහ දේශපාලන බලය අහිමිවීම, නිසි ආදායමක් නොමැතිකම සහ මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ගෞරවණීයව ජීවත්වීමේ අවස්ථාව අහිමිවීම බහුමාන දැක්මකින් දරිද්‍රතාව යන්න මෙහිදී අර්ථකතනය කෙරේ.

රජයක් ලෙස අපද, අප දියත්කරන සියළු සංවර්ධන ව්‍යාපෘති අතර දිළිඳුකම පිටුදැකීම ප්‍රමුඛතම කටයුත්තක් ලෙස සලකා කටයුතු කරමින් සිටිමු.

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යථාර්තවත් වන්නේ මෙරට දිළිදුකම බහුමාන අර්ථයෙන් ජයගැනීමෙන් පමණක් බව නිසැකය.

වෙනත් ආකාරයකින් පවසන්නේනම් “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යථාර්ථයක් වන්නේ දිළිදු ජනතාවට සහනාධාර බෙදාදීමෙන් නොව, දිළිදුකම පිටු දැකීමට සමාජයක් ලෙස අප සැම එක්ව වැඩ කිරීමෙන් පමණි. සැබෑ ලෙසම දිළිඳුකම තුරන් වන්නේ දිළිදු යැයි සැලකෙන ප්‍රජාව ස්ව ශක්තියෙන් නැගී සිටීම සඳහා අවස්ථා නිර්මාණය වීමෙනි.

වර්තමාන රජය අප රටේ දිළිඳුකම තුරන්කිරීමේ අභිලාෂයෙන් වැඩසටහන් ගනනාවක් දියත්කර ඇති අතර ප්‍රජාශක්ති දිළිදුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඒ අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී.

පොහොසත් රටක සියලු දෙනාටම ලක්ෂණ ජීවිතයක් වෙනුවෙන් කැපවෙමු.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *