පියා සහ දියණිය ගමන්ගත් යතුරුපැදිය පාසල් වෑන් රථයක ගැටී මාරක අනතුරක්.

අද (17) උදෑසන 6.30ට පමණ වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණියක් හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුෂ්පකුමාර ඒකනායක නමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙකි.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, මියගිය පුද්ගලයාගේ දියණියයි.  

අනතුරට පත්වූ වෑන් රථය වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *