විදෙස් කාන්තාවන් දෙදෙනෙකුගෙන් වැඩියෙන් මුදල් ගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකුට වැඩ වරදී  .

විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් ත්‍රීරෝද රථ ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි දෙකක් මත සිදු කළ විමර්ශනයකදීයි.

2025.10.02 වන දින හා 2025.10.05 වන දිනයන්වලදී සංචාරය සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් මෙසේ වැඩි මුදලක් අය කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අවුරුදු 40 හා 48 වයස්වල පසුවන ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරන් කුරුඳුවත්තහා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *