තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය මගින් අඩු ආදායම් ලභී පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනට අනූව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 19ක් සඳහා ලක්ෂ 10 බැගින් නිවාස ආධාර ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
එම ආධාර මත ඉදිකෙරුණු නිවාස 5ක් නිවාස හිමියන්ට පරිත්‍යාග කිරීම අද 05.10.2025 දින ජාත්‍යන්තර ජනාවාස දිනට සමගාමීව සිදු කෙරුණා. ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙදමුල්ල ග්‍රාමසේවා වසමේ නිවාස 2ක්, මෑවැල්ල ග්‍රාම සේවා වසමේ නිවාස 2ක් සහ තලවතුහේන්පිට උතුර ග්‍රාම සේවා වසමේ එක් නිවසක් ඒ අතර වනවා.
මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති සඳුන් යාපා මහතා ඇතුළු ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න