පාසල් දරුවන්ට E සිගරට් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.

මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදී පාසල් දරුවන් ඉල්ලක කරගෙන සිදු කරගන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වලට දරුවන් හට ඊ සිගරට් අලෙවි කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මොණරාගල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *