උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබෙනවා .
එම හෝටලය අනුරාධපුර පේරියම් කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ අතර ඒ අනුව එම හෝටලය මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් විසින් කඩා ඉවත් කරන ලෙසයි නියෝග කර තිබුණේ .
ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයාගේම පිරිසක් පැමිණ එම හෝටලය කඩා ඉවත් කර ඇති බව වාර්තා වෙනවා .
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිතවල මායිම් සළකුණු කිරීම සඳහා මෑතකදි රජය විසින් දියත් කළ වැඩසටහනකදී මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් අනාවරණ වූ අතර ඒ අනුව එම ගොඩනැගිල්ල මසක් ඇතුළත ඉවත් කරගන්නා ලෙසයි දැනුම් දී තිබුණේ .


ප්‍රතිචාරයක් ලබාදෙන්න