මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,641 දක්වා ඉහළ ගොස් ඇති බවය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
“මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ මාසයක් තුළ ලබාගත් ඉතාම ඉහළම අපනයන වර්ධනය. භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා අමෙරිකානු ඩොලර් මිලියන 1,304ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එය ගිය වසර සමග සැසදීමේ දී 15.37%ක වර්ධනයක්. සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය, තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සැකසු ආහාර වර්ග, ස්වර්ණාභරණ, එළවළු, පලතුරු ඇතුළු අංශවල ඉතාමත්ම කැපී පෙනෙන වර්ධනයක් අපිට දකින්න පුළුවන්. සේවා අංශය ගත්තොත් විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝට් අංශය 14% දක්වා වැඩි වෙලා තියෙනවා අපනයන ආදායම. අමෙරිකානු එක්සත් ජනපදය තමා අපේ අපනයනයට වැඩි දායකත්වයක් දක්වන්නේ. මිලියන 275කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. ජර්මනිය 57%කින් අපනයනය කරලා තියෙනවා. අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. ඉතාලිය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ආදි අනෙකුත් රටවල අපනයන ආදායමේ කැපී පෙනෙන වැඩිවීමක් ජූලි මාසය තුළ අපිට දකින්න පුළුවන්.”



ප්‍රතිචාරයක් ලබාදෙන්න