ආදායමට වඩා වත්කම් උපයාගත් දේශපාලකයන් 100ක් ගැන පරීක්ෂණ.!

ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති දේශපාලනඥයන් 100ක පමණ පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දේශපාලනයට පැමිණෙන විට අතේ සතේ නොමැතිව සිටි මෙම දේශපාලනඥයන් හිටි හැටියේම ධනවතුන් වී සිටීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි පැවසෙනේ.

විමර්ශනයට ලක්වන ඇතැම් දේශපාලනඥයන්ගේ වත්කම් ඇත්තේ ඔවුන්ගේ සමීපතමයින්ගේ නම්වලින් බව ද අනාවරණය වුණා.

එම වත්කම් නාමිකව සමීපතමයින්ගේ නම්වලින් පැවතියත් ඒවා පාලනය කරනු ලබන්නේ අදාල දේශපාලනඥයන් විසින් බව දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙකී දේශපාලනඥයන් අතර පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් මැති ඇමතිධූර දැරූ අය, ආණ්ඩුකාරවරුන්, පළාත් පාලන ආයතන රැසක සභාපතිවරුන්ද සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *