සියලු ශ්‍රී ලාංකකයන්ට ජාති, ආගම්, සංස්කෘතික භේදවලින් තොරව එකට එක්ව සැමරිය හැකි දිනයක්, මෙම වසර අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙය ශ්‍රී ලාංකික දිනය (Sri Lankan Day) ලෙස නම් කිරීමට නියමිත බවත් බොහෝ දුරට එම දිනය එළඹෙන දෙසැම්බර් මාසයේදී සැමරීමට හැකි වනු ඇති බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කීය.
මහනුවරදී පෙරේදා පැවැති (13) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.
සියලු ශ්‍රී ලාංකිකයන්ට වාර්ගික, ආගමික හා සංස්කෘතික භේදයකින් තොරව එකට එක්ව වැලඳගත හැකි දිනයක් නම් කිරීමට ජනපාධිපතිවරයා කාලයක සිට බලාපොරොත්තුවෙන් පසුවන බවත්, ඒ ඒ ප්‍රදේශවල සංචාරය කරමින් ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමෙන් පසු මෙය ක්‍රියාවට නංවන බවත් ඒ මහතා පැවසුවේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න