මැණිකක් හොරාට විකුණන්න ගිය සජබ ප්‍රා.මන්ත්‍රී මාට්ටු.!

රු.කෝටි 50 ක වටිනා බව පවසා බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරීමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයකු ඇතුලු තිදෙනකු නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා මෙම මැණික් ගල විකිණීමට සූදානම් වී ඇතැයි පොලිස කියයි.

නුවරඑලිය ලබුකැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන් පොළක රැදී සිටින බවට නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත උපාය දුතයකු යොදා ගනිමින් මැණික් ගල මිලදි ගැනීමට සැකකරුවන් හා ගණුදෙනු කතා කිරිමේදි රු.කෝටි 50කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරිම හමුවේ රුපියල් ලක්ෂ 10ක මුදලකට ලබා දීමට සැකකරුවන් එකඟ වී ඇත.

මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක් ද නැතිනම් හොද වර්ගයේ මැණික් ගලක්ද යන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ථාවක් ලබා ගැනීමටද නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *