වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) දින පාර්ලිමේන්තුවෙිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
වාහන ආනයනය සීමා නොකරන බවත් වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩි කිරීමක් ඉදිරියේදී සිදුනොකරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ,
“අපි දන්නවා අපේ රටේ අවුරුදු 15 – 20 පරණ වාහන තියෙනවා. ඒවට දුවන්න බෑ. නඩත්තු වියදම් වැඩියි. වාහන කියන්නෙත් කර්මාන්තයක්. ඒ නිසා රටේ ආර්ථිකයට අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. අපිට විශාල ආදායම් ප්‍රභවයක්.
මෙතෙනත් තියෙනවා කුමන්ත්‍රණයක්. ඒක කියන්න ඕනේ. මෙතෙන මතයක් හදනවා, දැන් මේක වහන්න හදන්නේ කියලා. නෑ වහන්නේ නෑ. වහනවා කියලා පස්සේ ඉන්න අයත් වෙළෙඳපොළට කැඳවන කුමන්ත්‍රණයක් තියෙනවා.
ඩොලර් වලට බලපෑමක් ඇති කරන්න මේ පීඩනය දෙන්න මෙතෙනට කියලා. මම දැක්කා ගොඩක් අය කියනවා, දැන් නිව්ස් හදනවා වාහන ආනයනය සීමා කරන්න හදන්නේ කියලා. එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්දේ ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්දේ ගන්නවා.
ඇයි ඩොලරයට බලපෑම් ඇති කරන්න. තර්ජනය කරන්න. ඒ නිසා පුරවැසියන්ට කියනවා වාහන ආනයනය සීමා කරන්නේ නෑ. මේ විවෘත කරන ලද වෙළෙඳපොළ මේ විදියටම පවත්වාගෙන යනවා. ඔබට මේ අවුරුද්දේ ගන්න බැරි නම් ලබන අවුරුද්දේ ගන්න.
හැබැයි මතයක් හදනවා මේ වෙලාවේ ගිහින් ගන්න කියලා. ඒ කැත වැඩේ යෙදෙන්න එපා. බදු වැඩි කරයි කියනවා. මේ වෙලාවෙත් බදු වැඩියි. තවත් කොහොමද බදු වැඩි කරන්නේ. කිසිම බදු වැඩි කිරීමක් කරන්නේ නෑ”



ප්‍රතිචාරයක් ලබාදෙන්න