හරක් කටා තමන්ට මරණ තර්ජනය කළ බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණිල්ලක් සිදුකර තිබේ.
පෙරේදා (04) හරක් කටා උදෑසන 8ට පමණ ස්නානය කිරීම සඳහා සිර කුටියනේ පිටතට පැමිණි අවස්ථාවේදී එම නිලධාරියා සැකකරුගේ කුටිය පරීක්ෂා කර ඇති බව වෙයි.
පසුව එහි පැමිණි හරක් කටා සිය කුටියේ තිබූ පෑනක් නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව ද පවසමින් එම පොලිස් නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
හරක් කටා ඔහුට තර්ජනය කරමින් “උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්” යනුවෙන් පැවසූ බවද අදාළ පැමිණිල්ලේ සඳහන්ය.
මේ අතර නදුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේදී ඊයේ (05) කැඳවනු ලැබීය.
හරක් කටා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරුන් වන රවිඳු සන්ධීප හා සංජීව අබේසිංහ මෙන්ම රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ දිනේෂ් තරංග යන විත්තිකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කොළඹ මහාධිකරණ සංකීර්ණය තුළ හා අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබුණි.
ආරක්ෂක අංශ සඳහන් කළේ, හරක් කටාට අද ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබූ බවය.
පොලිස් නිලධාරියෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගත් අයෙක් එලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට එම තොරතුරේ සඳහන්ව තිබූ බව පවසයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න