Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

74 නිදහස් දිනය දා මස් මාංශ සහ සුරාසැල් වැසේ

By News Team on February 2nd, 2022 in Local

74 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් පෙබරවාරි 04 වනදා වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරනු ලබන ස්ථානද වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා දැනුම් දුන් බවයි.

දිවයින පුරා ඇති සුරාසැල්වලට අමතරව බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බවද අදාළ නිවේදනයේ සදහන්.