Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728460ක් අද දිවයිනට

By News Team on July 31st, 2021 in Local

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728460ක් අද (31) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

මෙම එන්නත් තොගය කොවැක්ස් පහසුකම යටතේ හිමිවන අතර අද (31) පස්වරු 05.10 මෙරටට ළඟා වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටි 490000 කට පළමු එම එන්නත් දෙවන මාත්‍රාව ලෙස ලබාදීමටයි නියමිතව ඇත්තේ.