Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 61.5 ණය මුදලක්

By News Team on August 17th, 2021 in Business

චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් බිලියන 02ක් එනම් රුපියල් බිලියන 61.5 ණය මුදලක් ලබා ගැනීමේ එකඟතාවට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා තිබෙනවා.

ඒ චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතරයි.

මෙම මුදල් කොවිඩ් ප්‍රතිචාර දැක්වීම්, ආර්ථික ප්‍රවර්ධනය, මුල්‍ය ස්ථාවරත්වය සහ ජිවන තත්ත්වය නගා සිටුවීමට අදාළ පියවර සඳහා යෙදවීමට නියමිතයි.