Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොවිඩ් නොවන මරණ පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට ජනපතිගෙන් අනුමැතිය

By News Team on June 18th, 2021 in Local

කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24 ක් තුළ සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දී තිබෙනවා.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගෙනයි ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ.

මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික අපහසුතා ද එහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කලා.

ලබන 21 වනදා අලූයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමටයි මෙහිදී තීරණය වූයේ.

එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ’සීමා ලිහිල් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජුනි මස 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා උදාසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවතත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු අතර සියලූම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කලා.

ඇතැම් කොවිඩ් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වී ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

මේ වනවිට එන්නත් මිලියන 04 කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇති අතර ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.