Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආනයනය තහනම මැද කාටත් හොරා වාහන 400ක් ලංකාවට ගෙන එයි

By News Team on October 27th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකාවට වාහන ආනයනය තහනම් කර තිබියදී ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායට ගොඩබා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් කරුණු විමසා ඇත්තේ මෙම වාහන තොගය රාජසන්තක කරනවාද නැද්ද යන්නයි.

ඔවුන් යොමු කළ ලිපියේ සඳහන් වන්නේ පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මඟින් වාහන ආනයනය තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති හේතුවෙන් දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බවයි.

වරායේ භුමියේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයට අධික ප්‍රමාණයක් මෙලෙස ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් වන්නේ කොළඹ වරායේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානය සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවා බවයි.

කෙසේ වෙතත් මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි.

මෙම වාහන වරාය භුමියේ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවද රේගුව පවසනවා.