Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාස 4කට පසු සිඩ්නි නගරයේ සංචරණ සීමා ඉවතට

By News Team on October 11th, 2021 in International

ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණයක් වාසය කරන නගරය වන සිඩ්නි නගරයේ මාස 04කට ආසන්න කාලයක් පැවතුණු ලොක්ඩවුන් සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කළේ අවන්හල්, තැබෑරුම් වැනි පුද්ගල ඒකරාශිවීම් සිදුවන ස්ථාන සඳහා පැවැති සීමා ලිහිල් කර ඇති අතර නිවාස වෙත ගෙන්වා ගත හැකි අමුත්තන් ගණන වැඩි කර ඇති බවයි.

තවද නිවසින් එළියට යාම සඳහා මේ දක්වා පැවැති කිලෝමීටර් 05 සීමාවද අද (11) සිට ඉවත් වනු ඇති.

සිඩ්නි නගරයද අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි ජනගහණයෙන් සියයට 70කට වැඩි පිරිසක් පුර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් වීමත් සමඟ මෙම සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම සීමා ලිහිල් කිරීමත් සමඟ ඉදිරියේ දී නැවත වරක් ආසාධිතයින් ගණන ඉහළ යා හැකි බවයි.