Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එංගලන්තය සහ ප්‍රංශය අතර බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 27 ක් මරුට

By News Team on November 25th, 2021 in International

ප්‍රංශය සහ එංගලන්තය අතර මුහුදු කලාපයේ දී බෝට්ටුවක් ගිලී යාමෙන් අනවසර සංක්‍රමණිකයන් 27 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍යවල වාර්තා දැක්වෙන්නේ අතුරුදහන් වුවන් සොයා එංගලන්ත සහ ප්‍රංශ බලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මැද පෙරදිග සහ අප්‍රිකා මහද්වීපයේ සිට පැමිණි පිරිසකි.

පසුගිය වසර හා සැසදීමේදී බෝට්ටු මඟින් බ්‍රිතාන්‍යය පැමිණේනන් සංඛ්‍යාව තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි බ්‍රිතාන්‍ය සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.