Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවයේ ඉදිරි පෙළ සේවකයන් 2500ක් රැකියාවෙන් ඉවතට

By News Team on August 3rd, 2021 in International

ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් හි ඉදිරි පෙළ සේවකයන් 2500ක් පමණ තාවකාලිකව රැකියාවලින් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තත්ත්වය අවම වශයෙන් මාස දෙකක කාලයක් බලපැවැත්වෙනු ඇති බවයි එම සමාගම කියා සිටින්නේ.

කොරෝනා වාතාවරණය හමුවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් කැපී පෙනෙන ලෙස අඩුවීමත් සමාගමේ පාඩුව සිඝ්‍රයෙන් ඉහළ යාම මීට හේතුව වී ඇති බව සඳහන්.

සමාගමේ පරිපාලකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අකමැත්තෙන් වුවත් ගත හැකි අවසාන තීන්දුව ලෙස මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.