Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වැස්සට ජීවිත 25ක් බිලි ගනී

By News Team on November 11th, 2021 in Local

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 07 ක්.

දිස්ත්‍රික් 17 කට බලපා ඇති ආපදා තත්වය හමුවේ බලපෑම් එල්ලවී ඇති පුද්ගලයින් ගණන 212,060 ක් දක්වා ඉහළගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කලා.

දිස්ත්‍රික් 11 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම අද (11) පස්වරු 04 දක්වා බලාත්මකයි.

කොළඹ, ගම්පහ, බදුල්ල, ගාල්ල, කළුතර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බල පැවැත්වෙන්නේ.

දිවයිනේ පැවති තද වැසි තත්වයේ අඩු වීමක් අද (11) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මේ වනවිට එය පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 250 ක් පමණ උතුරු දෙසින් පවතිනවා.

එය වයඹ දෙසට ගමන් කර අද (11) සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළගාවනු ඇතැයි අපේක්ෂිතයි.