Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

2020 අපොස උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම් පත්‍ර ඔන්ලයින් ක්‍රමයට

By News Team on June 24th, 2021 in Local

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ඔන්ලයින් ක්‍රමයට පමණක් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා නිල ජංගම දුරකථන යෙදවුම හරහා ජුලි 10 වනදාට පෙර අයදුම්පත් යොමු කළ යුතු වනවා.

ඒ අනුව එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තු රුපියල් 250ක් වන අතර එම මුදල ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් මඟින් හෝ තැපැල් කාර්යාල මඟින් ගෙවීම් සිදුකළ හැකියි.

මුදල් ගෙවීමෙන් පසු අයදුම්පත PDF ක්‍රමයට භාගත කරගත හැකි අතර එම අයදුම්පත්‍රය අයදුම්කරුගේ භාරයේ තබාගත යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුදල් ගෙවීමෙන් පසු ලබාදුන් ජංගම දුරකථන අංකයට එස් එම් එස් පණිවිඩයක්ද ලැබෙනු ඇති.

පවතින කොවිඩ් තත්වය හමුවේ මෙවර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සඳහා විදුහල්පතිගේ නිර්දේශය හෝ අත්සන අවශ්‍ය නොවන බවද විභාග කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.