Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රුපියල් 2000 දීමනාව අද සිට

By News Team on August 23rd, 2021 in Local

නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ආදායම් අහිමිවී සිටින දිළිඳු පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබා දීම අද (23) සිට සිදු කෙරෙනවා.

අද (23) සිට මෙම දීමනාව ලබාදීම නිල වශයෙන් ඇරඹෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව කිසිඳු දීමනාවක් නොලබන පවුල් සඳහා මෙම දීමනාව හිමිවීමට නියමිතයි.

ඊට සුදුසුකම් ලබන පවුල් හඳුනා ගැනීම සඳහා ලැයිස්තු සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.