Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට ලැබෙයි

By News Team on July 11th, 2021 in Local

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද (11) අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

චීනයේ බෙයිජිං අගනුවර සිට ශ්‍රී ලංකා ගුවන් සේවයේ යානා දෙකක් මඟින් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොල වෙත ළඟා වුණා.

මෙම එන්නත් තොගය ඉතිහාසගත වන්නේ විදේශයකින් එකවර ලැබෙන වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ.

අද (11) දිනයේ ලැබුණු මෙම එන්නත් තොගය සමඟ මෙරටට ලැබී ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 71ක් දක්වා ඉහළ යනු ඇති.