Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලක්ෂ 20ක කොරෝනා එන්නත් අතුරුදහන්?

By News Team on August 21st, 2021 in Exclusive Story

කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් එන්නත්කරණ වැඩපිළිවෙළේ දත්ත බාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් ජනතාවට ලබා දී ඇති බවත් එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය ඇතීවී ඇති බවත්ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත්කරණයේ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක පහක කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් 7000 – 8000 එක් සෞඛ්‍ය කොට්ඨාසයක් සිදු කරන විට අනෙකුත් රාජකාරි සමඟ එය නිසි ලෙස සිදුකිරීමට ප්‍රායෝගික අපහසුතා ඇති බවත් ඔහු පැවසීය.

විශේෂයෙන් අවශ්‍ය ලැප්ටොප් පරිගණක, අමතර කාර්ය මණ්ඩල නොමැති නිසා එක් සෞඛ්‍ය පරීක්ෂකවරයකු හට දැරීමට නොහැකි රාජකාරි ප්‍රමාණයක් මේ දිනවල සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එම එන්නත් සියල්ල රටේ ජනතාවට ලබා දී ඇති නමුත් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

ගයාන් ගාල්ලගේ – දේශය