Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Online Visa ඔස්සේ පැමිණෙන සංචාරකයින්ට දින 180ක වීසා බලපත්‍රයක්

By News Team on August 24th, 2021 in Local

විද්‍යුත් සංචරණ අනුමැතිය හෙවත් ඊ ටී ඒ ක්‍රමයට වීසා අයදුම්කර දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහා දින 180 ක් දක්වා වලංගු වන සංචාරක වීසා බලපත්‍රය නිකුත් කිරීමට අදාළ ගාස්තු සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සාර්ක් රටවල සංචාරකයන්ගෙන් අමෙරිකානු ඩොලර් 70 ක්ද, සාර්ක් නොවන රටවල සංචාරකයන්ගෙන් ඩොලර් 85 ක්ද අයකෙරෙනු ඇති.

සිංගප්පූරුව, මාලදිවයින සහ සීෂෙල්ස් රටවල සංචාරකයන්ගෙන් ඩොලර් 50 ක පමණක් වන ගාස්තුවක් අය කෙරෙන්නේ එම රටවල් සමග දැනට පවතින ද්විපාර්ශවික ගිවසුම් අනුවයි.