Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ඝන් ජනතාව මුදා ගැනීමට අමෙරිකාවෙන් ගුවන් යානා 18ක්

By News Team on August 23rd, 2021 in International

ඇෆ්ඝනිස්ථානයේ ජනතාව ඉවත් කරගැනීම සඳහා අමෙරිකාව විසින් වාණිජ ගුවන් යානා යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා ගුවන් යානා 18ක් යොදා ගැනීමට නියමිත බවයි පෙන්ටගන් වාර්තා සඳහන් කළේ.

පසුගිය සතිය තුළදී පුද්ගලයන් 28000ක ඉවත් කරගෙන තිබූ අතර දහස් සංඛ්‍යාත පිරිසක් රටින් පිටත්වීම සඳහා කාබුල් ගුවන් තොටුපොළේ දී රැඳී සිටින බව වාර්තා වනවා.

මේ අවස්ථාවන්හිදී හටගත් දැඩි නොසන්සුන්තාව හමුවේ පුද්ගලයන් 20 දෙනෙක් මියගොස් තිබුණා.

මේ වන විට ඇෆ්ඝනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය යටතේ පැවතියද කාබුල් ගුවන් තොටුපොළ තවමත් පවතින්නේ අමෙරිකා හමුදා යටතේයි.