Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දින 42කට ළමුන්ගේ අසැබි දසුන් 17629ක් අන්තර්ජාලයට එක්වෙයි – දසුන් එක්කළ අයටත් වැඩ වරදින ලකුණු

By News Team on July 29th, 2021 in Local

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජුනි මස 17 වනදා සිට ජුලි 28 දක්වා කාලය තුළදී ළමුන් සම්බන්ධ අසැබි දසුන් සහ ඡායාරූප 17629ක් එක්කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ජංගම දුරකථන, ටැබ් යන්ත්‍ර පරිඝණක ඇතුළු තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙම දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය වෙත එක්කර ඇති බවයි.

මීට සම්බන්ධ සැකකරුවන් මේවන විටත් හඳුනාගෙන ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (29) සිට ආරම්භ කරන බවයි.