Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නොරොච්චෝලේ අක්‍රීයව පැවැති අංක 3 හි මෙගා වොට් 160ක් ජාතික පද්ධතියට

By News Team on January 31st, 2022 in Local

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රීයව පැවැති අදියර අංක 3 හි මෙගාවොට් 160ක ධරිතාවයක් ජාතික පද්ධතිය එක්කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යධිකාරී ඇන්ඩෲ නවමණි මහතායි මේ බව සනාථ කළා.

මෙම අදියර තවත් මෙගාවොට් 140ක ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

මේ අතර විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (31) යළි රැස්වී සාකච්ඡා කිරීමට සුදානම්ව පවතිනවා.

ලංකා විදුලිබල මණ්ඩලය දින කිහිපයකට විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මීට පෙර ඉල්ලීම් කර තිබුණා.

කෙසේ වෙතත් එම ඉල්ලීම ඉකුත් දා පැවැති සමාලෝචනයෙන් අනතුරුව අද දින දක්වා විදුලි කප්පාදුව සඳහා අවසර නොදිමටයි එම කොමිෂන් සභාව තීරණය කළේ.

කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ විදුලි කප්පාදුව සිදුකිරීමට අවශ්‍යතාවක් නොවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තීරණය අද (31) අද පස්වරුවේ දැනුම් දීමට නියමිතයි.