Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වැලිසර මාරක අනතුර කළ 16 හැවිරිදි දරුවා සහ පියා රක්ෂිත බන්ධනාගාරයට

By News Team on November 5th, 2021 in Local

පුද්ගලයෙකුට මරු කැදවමින් වැලිසරදී ඊයේ (04) උදාසන සිදුවූ රිය අනතුරට අදාලව අත්අඩංගුවට ගත් 16 හැවිරිදි තරුණයා සහ ඔහුගේ පියා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහබාගේ පොලිසිය සදහන් කළේ සැකකරුවන් අද (05) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී එම නියෝගය ලබා දී ඇති බවයි.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර පොදු සුසාන භූමිය ආසන්නයේ ඊයේ (04) උදෑසන සිදුවූ මෙම රිය අනතුරින් එක් අයෙක් මරණයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් අයෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය සදහන් කළේ.