Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඩොලර් නැති නිසා අත්‍යාවශ්‍ය ආහාර බහාලුම් 1500ක් සිරවෙයි

By News Team on February 4th, 2022 in Exclusive Story

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 1500ක් පමණ තවමත් වරායේ සිරවී ඇති බව වාර්තා වනවා.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් දිනකට ඉන් මුදා ගැනීමට හැකි වන්නේ බහාලුම් 50ක් පමණ ප්‍රමාණයක් බවයි අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය කියා සිටියේ.

මෙම බහාලුම් තුළ හාල්, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය පවතින බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ දිනකට වරායෙන් මුදා හරින බහාලුම් සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගෙන ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි.

ඩොලර් කඩිනමින් ලබාදී මෙම බහාලුම් මුදා ගැනීමට නොහැකි වුවහොත් උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වීමේ අවධානමක් ඇති විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.