Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මිලියන 15ක කොරෝනා එන්නත් අමෙරිකාවේ ඉවතට

By News Team on September 2nd, 2021 in International

අමෙරිකාව විසින් පසුගිය මාර්තු පළමු වනදා සිට මේ දක්වා කාලය තුළ කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 15කට වැඩි ප්‍රමාණයක් ඉවත දමා ඇති බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවයි.

මෙම එන්නත් මාත්‍රා කුප්පිවල පලුදු වීම්, ශීතාගාරවල ගබඩා කිරීමේ දෝෂ සහ ප්‍රමාණය ඉක්මවා එන්නත් කාණ්ඩ විවෘත කිරීම් මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප්‍රිකාව වැනි මහද්වීපවල බහුතර රටවල් සංඛ්‍යාවක එන්නත්කරණ ප්‍රතිශතය සියයට 03 කට හෝ ආසන්නවී නොමැති වාතාවරණයක අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය පාර්ශව රැසක දැඩි විවේච්චනයට ලක්වී තිබෙනවා.