Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දරුවෙකුට වද දුන් පියා සහ නැන්දනිය පොලිස් අත්අඩංගුවට

By News Team on July 25th, 2021 in Local

නොරොච්චෝලේ ප්‍රදේශයේ දැරියක සිය නිවස තුළදී කෘරත්වයට භාජනය කළ බව කියන දැරියගේ පියා සහ පියාගේ සහෝදරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොරොච්චෝලේ පොලීසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන අගෝස්තු 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.