Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වීරකැටියේ දී වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

By News Team on September 20th, 2021 in Local

වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගජනායකගම ප්‍රදේශයේ පදිංචි වී සිටි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඥාතීන් පිරිසක් අතර ඇතිවූ ආරාවුලක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුවී තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙය වනවා.