Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පැය 24 තුළදී ආසාධිතයින් 117යි – කරාපිටිය රෝහලේ තත්ත්වය දරුණු අතට

By News Team on August 17th, 2021 in Gossip

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් පසුගිය පැය 24 තුල නව කොරෝනා ආසාදිත රෝගින් 117 දෙනෙකු හමු වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා.

මෙසේ හදුනාගත් රෝගින් 117 දෙනාගෙන් 16 දෙනෙකු ළමුන් වන අතර මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රෝහල මගින් පාලනය වන අක්මිමන මැලිබන් රෝහලේ කොරෝනා වාට්ටුවල කොරෝනා ආසාදිත රෝගින් 201 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා පවසනවා.

අක්මීමන මැලිබන් රෝහලේ දරුවන් 10 දෙනෙකු මව්වරු 10 දෙනෙකු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබනවා. කරාපිටිය ශික්ෂණ රෝහලෙන් අතරමැදි වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන සදහා රෝගින් 17 දෙනෙකු යොමුකොට තිබෙනවා.

ඔක්සිජන් ආධාරක යටතේ කොරෝනා ආසාදිත රෝගින් 54 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සදහන් කළා.

(ගාල්ල – ලලිත් චාමින්ද)