Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පොළොන්නරුව මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් ටොන් 1000 තොගයක් රජය භාරයට

By News Team on September 9th, 2021 in Local

ඊයේ (08) දිනයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩාවල තිබූ මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජය භාරයට ගෙන තිබෙනවා.

රජය විසින් පනවනු ලැබූ මිල ගණන්වලට වෙළඳපොලට සහල් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම වැටලීම් සිදුකර ඇත්තේ.

පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද උපදෙස් දී තිබුණා.

මේ අතර එක් සහල් මෝලක් සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත් ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.