Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

චීන – ශ්‍රී ලංකා මිතුදම වෙනුවෙන් රුපියල් 1000ක සමරු කාසියක් නිකුත් කරයි

By News Team on July 7th, 2021 in Business

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන – ශ්‍රී ලංකා සබඳතාව 100 වන සංවත්සරය වෙනුවෙන් රුපියල් 1000ක සමරු කාසියක් නිකුත් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.

දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙසයි මෙම සමරු කාසිය නිකුත් කර ඇත්තේ.

කාසියේ එක් පසෙක මධ්‍යයට වන්නට ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ රගහලේ ඉදිරිපස පෙනුමත් ඊට පහළින් විශාල ඉලක්කමින් 2022 ලෙසත් දක්වා තිබෙනවා.

කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකාව සහ චීනයට වසර 65 යි යනුවෙන් සදහන් වනවා.

කාසියේ අනෙක් පස රුපියල් දහස සහ චීන කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වන අතර රන් සමරු කාසි 500 ක් සහ රීදි සමරු කාසි 2000 ක් නිකුත් කළ බවයි මහ බැංකුව නිවේදනය කර ඇත්තේ.