Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඩොලර් නැති නිසා අත්‍යාවශ්‍ය ආහාර කන්ටේනර් 1000ක් වරායේ සිරවෙලා

By News Team on November 25th, 2021 in Exclusive Story

ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෙළෙද පොළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

එබැවින් මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගතයුතුව ඇතැයි ද ඔහු සඳහන් කර කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ දී රැස්ව ඇති අතර රට තුළ ඇති ව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රැස්වීමේදී ඩොලර් හිඟය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත්, එය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී තිබෙනවා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , බැසිල් රාජපක්ෂ, ආචාරය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බවද වාර්තා වනවා.

එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනය වීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී තිබෙනවා.

මේ අතර අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් හිඟය මගහරවා ගැනීම, සදහා ඉදිරි කාලයේදී විකල්ප වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.