Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව අධිසංඛ්‍යාත භූකම්පන මාන 10ක් සවි කෙරේ

By News Team on July 1st, 2021 in Local

වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව අධි සංඛ්‍යාත භූකම්පනමාන 10ක් සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ පසුගිය වසරේ සිට මේ දක්වා වරින්වර වික්ටෝරියා ජලාශය වේල්ල හා ඒ අවටින් වාර්තා වන සුළු භූකම්පන තත්ත්වයන් සම්බන්ධව විධිමත්ව පරික්ෂා කිරීම සඳහා මෙම අධිසංඛ්‍යාත භුම්කම්පනමාන සවි කර ඇති බවයි.

ජර්මන් රජය මඟින් ලබාදී ඇති මෙම නව අධි සංඛ්‍යාත භුම්කපනමාන මඟින් පොළව අභ්‍යන්තරයේ ඇති වන ඉතා සුළු කම්පන තත්ත්වයන් පවා හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා,

පරිසර අමාත්‍යවරයා විසින් පත්කළ විද්වත් කමිටු නිර්දේශවලට අනුව මෙම භුකම්පනමාන ඔස්සේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ප්‍රදේශයේ මාස 6ක පමණ භූ කම්පන දත්ත ලබා ගැනීමට නියමිතයි.