Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ලබන සිකුරාදා මෙරටට

By News Team on July 14th, 2021 in Local

අමෙරිකාවේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ලබන සිකුරාදා දිනයේ දී දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය සඳහන් කළේ කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලැබෙන බවයි.

මෙලෙස ලැබෙන මොඩර්නා මාත්‍රා ලක්ෂ 15න් 750000 කට පළමු මාත්‍රාව ලෙස භාවිතා කෙරෙන අතර ඉතිරි මාත්‍රා 750000 දෙවන මාත්‍රාව ලෙස ජනතාවට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.