Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් මෙරටට ලැබෙයි

By News Team on July 16th, 2021 in Local

අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට පිරිනමා ඇත්තේ.

අමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පළමුව ගෙනැවිත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ යානයක් මඟින් අද (16) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේ වෙත රැගෙන විත් තිබුණා.

එන්නත් තොගය ගුවන් තොටුපොළෙට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යෑමටයි පියවර ගෙන තිබුණා.