Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොළඹ ප්‍රදේශ 08ක් හුදකලා භාවයෙන් මුදා හැරේ

By News Team on July 11th, 2021 in Local

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ 08ක් හුදකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.

ඒ අනුව දෙමටගොඩ ආරාමය පෙදෙස 66 වත්ත, තලංගම පොලිස් වසමේ තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජය මාවත සහ ජයගත් මාවත හුදකලා බවින් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ ජයගත් මාවත, සත්සර මාවත, ඉසුරු මාවත, සමනල මාවත සහ තැපැල් පෙට්ටිය හංදිය හුදකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.

තවද රත්නපුර පොලිස් වසමේ කහන්ගම කොස්ගල වත්ත හුදකලා බවින් මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රත්නපුර අයගම පරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර ඇති බව කොවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළා.