Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් දිවයිනට ළඟා වෙයි

By News Team on July 22nd, 2021 in Local

තවත් සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 02ක් අද (22) අළුයම දිවයිනට ළඟා වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් බෙයිජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ දක්වා ගෙන්වා ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 91 දක්වා ඉහළ යනු ඇති.

මෙම එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 04ක් කුරුණෑගල දිස්ත්‍රික්කටත්, මාත්‍රා 275000ක් ගාල්ල දිස්ත්‍රික්කට බෙදා දීමට නියමිතයි.

ඊට අමතරව මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 02ක් පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා ලක්ෂය බැඟින් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125000කට ලබාදීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.