රටම එකට දෛනික මෙහෙයුමෙන් සැකකරුවන් 820 අත්අඩංගුවට.

රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (12) දිනයේදී පොලීසිය සිදුකළ විශේෂ වැටලීමෙන් සැකකරුවන් 820ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතව වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම මෙම මෙහෙයුමේ අරමුණ වේ.

ඒ අනුව ඊයේ දිනයේදී සිදුකළ මෙම මෙහෙයුමේදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 250ක් සිදුකර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 331ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධව වැටලීම් 322ක් ද පොලීසිය විසින් සිදුකර ඇති අතර එහිදී අයිස් කිලෝ 2 ග්‍රෑම් 247ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම ගංජා කිලෝ 25 ග්‍රෑම් 565ක් ද පොලීසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *