මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්.

2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබේ.

මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.2% සුළු පහළ යාමකි.

කෙසේවෙතත් 2025 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 86 සිට 2026 ජනවාරි මාසයේදී  ඩොලර් මිලියන 109ක් දක්වා 21.1.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. 

පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *