ඉන්දියාව සමග බලශක්ති සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා.

ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය. 

එහිදී, දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා සමග ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා අවම මිලක් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඇතුලු කරුණු රැසක්ද මෙරට සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීම සඳහා මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වැඩිදුර පුහුණු අවස්ථා ලාංකිකයන්ට ලබාගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡා කර ඇත.

ඒ අනුව මූලික එකඟතා කීපයක් ඇති කර ගැනීමට හැකිව ඇත.

බලශක්ති ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයන් සම්බන්ධ ඉන්දියානු අත්දැකීම් පිළිබඳවද බලශක්ති අරමුණු ඉටුකර ගැනීමෙහිලා එකී ආයතන ව්‍යුහයන් තුළ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ගත හැකි පියවර පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කළ බලශක්ති සංක්‍රාන්ති සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති අතර ඊට බලශක්ති අමාත්‍යවරයාගේ සහභාගීත්වය හා එයට සමගාමීව ඉහත සාකච්ඡා සංවිධානය කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *