අර්ච්චුනා අත්අඩංගුවට.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදි ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණි.

එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *