අර්ච්චුනාට ඇප.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති අතර එම සිදුවීම සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *