Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු පළ අත්අඩංගුවට ගත් අයෙක් රිමාන්ඩ් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

By News Team on June 18th, 2021 in Local

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සෑම මසක ම අවසන් ඉරු දින ගාල්ල පොලිසියෙහි පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (17) සවස නියෝග කළේය.

තව ද විමර්ශන අවසන් වන තුරු එම ෆේස්බුක් ගිණුම යවත්කාලීන නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ, අක්මිමන තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.

ඒ අනුව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අනුව සහ පරිගණක අපරාධ නීතිය අනුව කරුණු වාර්තා කරන බවත් මෙම සැකකරු සම්බන්ධ පරීක්ෂණ අවසන් නොමැති බැවින් ඔහුගේ ජංගම දුරකතනය පොලිසිය භාරයට ගත් බවත් සාක්ෂි ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසිය.

ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පළ කර තිබේ ද? යනුවෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසූ විට කියා සිටියේ එවැනි දේ පළ කර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෆේස්බුක් ගිණුම තමාගේ නමින් ම ඇති එකක් බවට සැකකරු පිළිගත්තේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් කියා සිටියේ, තම සේවාදායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය භාවිත කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් සහ කොරෝනා වසංගතයයේදී රජය දිගින් දිගට ම අකාර්යමක්ෂව කටයුතු කර ඇති බව පළ කිරීම මිස කිසිදු අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බවය.

එනිසා සැකකරුට ඇප නියම කරන ලෙස ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.

මේ සම්බන්ධ වැඩිදුර විභාගය ජුලි 29 වන දිනට කල් තැබිණ.

ෆර්හාන් නිසාම්දින් – ගාල්ල, එන්. ජී. ලියනගේ – අහංගම