Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රාජ්‍ය පොසොන් උත්සවය නිසි ගෞරවයෙන් සිදු කරන්න – අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

By News Team on June 18th, 2021 in Local

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධාන කරන්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමී ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමිනුයි සංවිධාන කෙරෙන්නේ.

සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේ දී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් සොයා බලා පවතින දෝෂ මගහැරෙන පරිදි සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.